SLvPAK – තරගයට කාළගුණය හරස් වෙද්දී ධනංජය ප්‍රවේසම්කාරී පිතිහරඹයක

ධනංජය ද සිල්වාගේ ප්‍රවේසම්කාරී පිතිහරඹය හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) දිනට අයහපත් කාළගුණය හේතුවෙන් තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 263 ක් ලබා සිටියේය.

ධනංජය ද සිල්වා ( නොදැවී 72 ) සහ දිල්රුවන් පෙරේරා ( නොදැවී 02 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.

පළමු දිනය වූ ඊයේ ( 11 ) දිනට තරගය නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 202ක් ලබා සිටි ශ්‍රී ලංකා ඉනිමට අද දිනයේදී වර්ෂාවෙන් මෙන්ම ක්‍රීඩාංගනයේ පැවති අදුරු ස්වභාවය හේතුවෙන් ක්‍රියාත්මක කළහැකි වූයේ පන්දුවාර 18.3ක් පමණි.

<< DAY 01 –  දිමුත් හා ඕෂධ ගොඩනැගූ ඉනිමට මැතිවුස්ගෙන් හා ධනංජයගෙන් තල්ලුවක් >>

උදෑසන තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිම හේතුවෙන් දිවා ආහාරයෙන් අනතුරුව යළිත් තරගය ආරම්භ වුවද ඉන් අනතුරුව පිටියේ පැවති දැඩි අඳුරුභාවය හේතුවෙන් ප.ව 2.30 පමණ දෙවැනි දිනට තරගය නතර කිරීමට තරග විනිසුරුවෝ තීරණය කළහ.

ඊයේ( 11 ) දිනට තරගය නතර කරන විට ලකුණු 38ක් ලබා සිටි ධනංජය ද සිල්වා සිය ටෙස්ට් දිවියේ 6වැනි අර්ධ ශතකය ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළේය. ධනංජය ද සිල්වා සමගින් අනෙත් අන්තයේ රැදී සිටි නිරෝෂන් දික්වැල්ල, ෂයින් අෆ්රිගේ පන්දුවක් හමුවේ බාබර් අසාම්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවීයන විට ලකුණු 33ක් ලබා සිටියේය.

හෙට ( 13 ) තරගයේ තෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 86.3කදී කඩුලු 6කට ලකුණු 263

( දිමුත් කරුණාරත්න 59, ඕෂධ පුනාන්දු 40, ඇන්ජලෝ මැතිවුස් 31, ධනංජය ද සිල්වා නොදැවී 72, නිරෝෂන් දික්වැල්ල 33, දිල්රුවන් පෙරේරා නොදැවී 02 , ෂයින් අෆ්රිඩි 47/2, නසීම් ෂා 75/2 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.