සුරංග ලක්මාල්ට පාකිස්තාන ටෙස්ට් තරගාවලිය මග හැරෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ට ඩෙංගු උණ වැළදීම හේතුවෙන් මෙවර පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබේ.

ඔහු වෙනුවට යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

අසිත ප්‍රනාන්දු 2017 වසරින් පසු කිසිදු ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩාකර නොමැති අතර ඔහු අවසන් වරට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින තරගයට ක්‍රීඩාකර තිබේ.

පළමු ටෙස්ට් තරගය මේ මස 11 වැනිදා සිට 15 දක්වා පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිති අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 19 වැනිදා පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩභාර ගත් මිකී ආතර්ගේ පළමු තරගාවලිය මෙය වන අතර සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයනනු ලැබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න ( නායක ), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, ලහිරු කුමාර,විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.