SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල රිදී දිනද්දී, පිරිමි කණ්ඩායම අවසන් මහ තරගයට  

13 වැනි දකුණු ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලියේ  බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති අවසන් මහ තරගයෙන් ලකුණු 2ක පරාජයක් උරුම වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එහි රිදී පදක්කමින් සෑහීමට අද ( 08 ) සිදු විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 92ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 89ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා හර්ෂිතා මාධවි පන්දු 33කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 32ක් සහ ලිහිණි අප්සරා පන්දු 25කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 25ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත කැදවා ගෙන යාමට උත්සාහ කළද ඔවුන්ගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ සචිනි නිසංසලාට පන්දු 7කදීම රැස්කර ගතහැකි වූයේ එක් ලකුණක් පමණි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා පලමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කරසිටි අතර ඒ අනුව නියමිත පනුද්වාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 91ක් රැස් කිරීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඒ අනුව ශ්‍රී ලංකා වයස 23න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද සමත් වූයේ මෙවර තරගාවලියේ රන් පදක්කම සඳහා පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ගනිමිනි. ඒ අනුව ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වූ බංග්ලාදේශ කණ්ඩායම යළිත් හෙට ( 09 ) දිනයේදී ශ්‍රී ලංකාව සමගින් අවසන් මහ තරගයේදී තරග වැදීමට නියමිතය.

ජයග්‍රහණය සඳහා ලකුණු 151ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා වයස 23න් පහළ කණ්ඩායම පන්දුවාර 16.1කදී එක් කඩුල්ලක් පමණක් දැවී සිය ජයග්‍රහණය පහසුවෙන්ම පසුකර ගියේය.

ශ්‍රී ලංකා වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ලසිත් ක්‍රොස්පුල්ලේ පන්දු 41කදී හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් සමගින් නොදැවී ලකුණු 73ක් රැස් කරද්දී නිෂාන් මධුෂංක .පන්දු 52කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 67ක් රැස් කරමින් හ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශයට ආරාධනා කරසිටි අතර ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 150ක් පමණි.

බංග්ලාදේශය වෙනුවෙන් යසීර් අලී ලකුණු 51ක් සහ මහිදුල් ඉස්ලාම් ලකුණු 44 බැගින් රැස් කළහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.