SAG 2019 – දකුණු ආසියාවේ වෙරළ වොලිබොල් ආධිපත්‍ය ශ්‍රී ලංකාව යටතට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් හතරම එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්ව තිබේ.

ශ්‍රී ලංකා ‘ ඒ ‘ හා ‘ බී ‘ පිරිමි කණ්ඩායම් දෙක පාකිස්තාන පිරිමි කණ්ඩායම් දෙක පරාජය කරමින් මෙවර රන් පදක්කම සඳහා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගනිද්දී, කාන්තා ‘ඒ ‘ හා ‘බී ‘ කණ්ඩායම් නේපාල කණ්ඩායම් දෙක පරාජයට පත් කරමින් එහි රන් පදක්කම සඳහා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුකම් ලබා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරග ඉසව්වෙන් පමණක් රන් පදක්කම් 2ක් සහ රිදී පදක්කම් 02ක් දිනා ගැනීමට දැනටමත් අවස්ථාව උදා වී තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.