SAG 2019 – ශ්‍රී ලංකාවට කරාතේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක්  

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කරතේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද ( 02) සමත් වූහ.

පිරිමි කේවල  කාතා තරග ඉසව්ව නියෝජනය කළ, ශ්‍රී ලංකාවේ සෞන්දරරාසා බලූරා එහි ලෝකඩ පදක්කම දිනා ගනිද්දී, එහි රන් පදක්කම නේපාලයේ කජි ශ්‍රේෂ්ත්ට හිමි විය. රිදී පදක්කම දිනාගනු ලැබුවේ පාකිස්තානයේ නයිමතුල්ලා විසිනි.

කාන්තා කාතා තරග ඉසව්වේ ද ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ හේෂානි හෙට්ටිආරච්චි දිනාගනු ලැබූ අතර, රන් හා රිදී පදක්කම් පිලිවෙලින් පාකිස්තානයේ ශයිඩා සහ නේපාලයේ චංචලා ධනුවර් යන ක්‍රීඩිකාවන් විසින් දිනාගනු ලැබූහ.

කණ්ඩායම් කාන්තා කරාතේ තරග ඉසව්වේද ලෝක පදක්කම දිනා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එහි රන් පදක්කම නේපාල කාන්තා කණ්ඩායම විසින් දිනා ගත්තේය.

ඒ අනුව මේ වනවිට ( 2019.12.02 දහවල් 1.45 වනවිට )  රන් පදක්කම් 3ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමගින් සමස්ත පදක්කම් 5ක් හිමිකර ගිනිමින් නේපාලය පෙරමුණ ගෙන සිටියි.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.