SAG 2019 – මැතිව් අබේසිංහ රන් පදක්කම් 7කින් ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තබයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පිහිනුම් තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7ක් දිනා දීමට මැතිව් අබේසිංහ සමත් විය.

ඔහු 2016 වසරේ පැවති දකුණු ආසියානු තරගාවලියේදී ද රන් පදක්කම් 7ක් සහ රිදී පදක්කම් 2ක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තැබීමට සමත් වූ අතර එකී රිද්මය මෙවර ද එලෙසින්ම පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7ක් දිනා දීමට කටයුතු කළේය.

ඔහු එහිදී මීටර 50 නිදහස් ආර ඉසව්ව, මීටර 100 සමනළ ආර ඉසව්ව, මීටර 200 නිදහස් ආර ඉසව්ව, මීටර 50 සමනල ආර ඉසව්ව, මීටර 100 නිදහස් ආර ඉසව්ව, මීටර 200 තරග ඉසව්ව මෙන්ම මීටර 100* 4 සහය පිහිනුම් තරග ඉසව් සියල්ලෙහිම රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය. මීටර 200*4 තරග ඉසව්වේ රිදී පදක්කමත් සමගින් ඔහු මෙවර දිනාගත් සමස්ත පදක්කම් සංඛ්‍යාව 8කි.

ඒ අනුව මෙවර දකුණු ආසියානු තරගාවලියේ පිහිනුම් තරග අද නිමාවට පත් වූ අතර එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 7ක් රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 18ක් සමගින් සමස්ත පදක්කම් 36ක් දිනා ගැනීමට සමත් විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.