SAG 2019 – ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් වොලිබෝල් ලෝකඩ පදක්කම් දිනයි

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි වොලිබෝල් තරගාවලියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම එරෙහිව තරග වට 3- 1කින් ජයගත් ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද ( 02 ) සමත් විය.

තරගයේ පළමු වටය ලකුණු 25 – 23කින් ජයගත් බංග්ලාදේශ කණ්ඩායම තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුවද, පළමු වටයේ සිදුවූ අතපසුවීම් මග හරවා ගනිමින් දෙවැනි වටයේදී ක්‍රීයාත්මක වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25 – 20 කින් දෙවැනි වටය ජයගනු ලැබීය.

තෙවැනි තරග වටයේදී ද සුපුරුදු රිද්මය පවත්වාගත්  ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශය ලකුණු 25 – 16 කින් පරාජය කරමින් තරග වට 2- 1කින් පෙරමුණ ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් ගෙන දෙමිනි.

තරගයේ තීරණාත්මක තරගය වටය වූ සිව්වන තරග වටය ද තියුණු සටනකින් පසු ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ ලකුණු 25 – 21 කින් බංග්ලාදේශය පරාජයට පත් කරමිනි.

කාන්තා අංශයේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවති තරගයයෙන් මාලදිවයින තරග වට 3 – 0 කින් පරාජය කරමින් එහි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව දිනා දීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.