SAG 2019 – කාන්තා හා පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම් අංශයේ රිදී පදක්කම් ශ්‍රී ලංකාවට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි බැඩ්මින්ටන් කණ්ඩායම් අංශයේ රිදී පදක්කම ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම දිනා ගනිද්දී, එම තරග ඉසව්වේම කාන්තා අංශයේ කණ්ඩායම් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ඉන්දියාව සමගින් පැවති පිරිමි අවසන් මහා තරගයේදී, තරග වට 4- 1 කින් ශ්‍රී ලංකාව පරාජය වීමත් සමග ශ්‍රී ලංකාව රන් පදක්කම ගිලිහී ගියේය. කාන්තා තරගයේදී ද අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගනු ලැබුවේ ශ්‍රී ලංකාව සහ ප්‍රබල ඉන්දීය කණ්ඩායමයයි. එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉන්දියාව හමුවේ තරග වට 3- 0 කින් පරාජය වීමට සිදු විය.

ඒ අනුව පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 14ක් සමගින් සමස්ත පදක්කම් 25ක් දිනා ගනිමින් පදක්කම් සටහනේ තෙවැනි ස්ථානයේ පසුවෙයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.