ටෙස්ට් ක්‍රිකට් ගහන්න පාකිස්ථානයට යන්න ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමති වෙති

පාකිස්තාන ටෙස්ට් තරග සංචාරයට එක්වීම සඳහා නායක දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ කැමැත්ත පළ කර ඇති බව වාර්තාවේ.

එරට පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාකිස්තානයේ පැවති එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහභාගි නොවීමට තීරණය කර තිබිණි

.කෙසේවෙතත් එම තරගාවලිය සඳහා යොවුන් කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපතිවරයෙකුට ලබාදෙන ආරක්ෂාවක් ලබාදීමට පාකිස්තානු රජය කටයුතු කර තිබුණි.

2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කිසිදු විදෙස් කණ්ඩායමක් පාකිස්තානයේදි ටෙස්ට් තරගාවලියක් සඳහා එක්වී නොමැති අතර ඒ අනුව දශකයකට පසු පාකිස්තානයට ටෙස්ට් තරගාවලියක සත්කාරකත්වය දැරීමේ අවස්ථාව හිමිව ඇත.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.