ඔස්ට්‍රේලියාවට යන විස්සයි 20 කණ්ඩායමේ නායකයා මාලිංග -අසන්තා ද මෙල්

මේ අගදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සඳහා සහභාගිවන කණ්ඩායමේ නායකත්වය අනිවාර්යයෙන්ම ලසිත් මාලිංග වෙත බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් පවසයි.

ඔස්ට්‍රේලියාවට යන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තේරීම ඔක්තෝබර් 11වැනිදා සිදු කිරීමට නියමිත වේ.

පාකිස්ථානය වර්ජනය කල ක්‍රීඩකයන්ට අඩු අවස්ථාවක්

එසේම පාකිස්ථාන තරගාවලියෙන් ඉවත්වූ ක්‍රීඩකයන් අතරින් ක්‍රීඩකයන් 4 දෙනෙකු පමණක් කණ්ඩායමට එක කර ගැනීමට බලාපොරොත්තු වන බව හෙතෙම අවධාරණය කළේය .

ආරක්ෂක භීතීන් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ ඉහළම ක්‍රීඩකයින් වන විස්සයි 20 නායක ලසිත් මාලිංග, හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, දිමුත් කරුණානරත්න, තිසර පෙරේරා, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, කුසාල් පෙරේරා පාකිස්ථාන සංචාරයෙන් ඉවත්වීමට තීරණය කළහ.

නවකයන්ට අවස්ථාවක්

පාකිස්තානයේදී දක්ෂතා දැක්වූ තරුණ ක්‍රීඩකයන්ට වැඩි අවස්ථා හිමිවනු ඇති බව පැවසූ තේරීම් කමිටු සභාපතිවරයා ධනුෂ්ක ගුණතිලක ආරම්භක පිතිකරුවා ලෙස කණ්ඩායමට එක්වන බව සඳහන් කළේය .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.