ප්‍රථම විස්සයි 20 තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කණ්ඩායම ගඩාෆි පිටියට

තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් සටහන් කිරීම උදෙසා ශ්‍රී ලංකා කණ්ඩායම අද දෙරට අතර අවසන් තරගයට පිවිසීමට නියමිතයි.

පාකිස්තානයේ ලාහෝර් ගඩාෆී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7ට ආරම්භවීමට නියමිත මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු වුවහොත් තවත් වාර්තාවක් ශ්‍රී ලංකා පිල නමින් ගඩාෆි ක්‍රීඩාංගනයේ ලියවෙනු ඇත .

ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලානය දිනු මෙම ක්‍රීඩාංගනයේදී පකිස්ථානය ඉතිහාසයේ පළමු වරට විස්සයි 20 තරගාවලියකින් පරාජය කිරීමේ වාර්තාව මෙන්ම ශ්‍රී ලංකාව ලබන ප්‍රථම විස්සයි 20 තරගාවලි ජය ලෙසද මෙම තරගයෙන් ජය ලැබුවහොත් ඉතිහාසයට එක්වේ.

තරගයට එක්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු නොවන අතර පාකිස්ථානය කණ්ඩායමේ වෙනසක් සිදුකරනු ඇති බවට පාකිස්ථාන ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.