ආසියානු යොවුන් බොක්සිං තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 8ක්

ආසියානු යොවුන් බොක්සිං තරගාවලිය අද (09දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා හිදී ආරම්භ වේ.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 20ක් සහභාගි වනමෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 240 කට ආසන්න ප්‍රමාණයක් සහභාගි වීමට නියමිතයි.

තරගාවලිය බර පංති 13 ක් යටතේ පැවැත්වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බාලක සහ බාලිකා අංශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් බැගින් සහභාගි වේ.

ආසියානු බොක්සිං සම්මේලනය මගින් මෙම තරගාවලිය සංවිධානය කරන අචර තරගාවලියේ අවසන් තරග එළඹෙන 17 වැනිදා පැවැත්වේ.

ක්‍රීඩකයෝ

ජී.පී. මිහිරාන් (කි.ග්‍රෑ 50) – කොළඹ නාලන්දා විදුහල , වයි.එම්. උසයිත් (කි.ග්‍රෑ 48)- මහනුවර සුමංගල විදුහල, එම්.සුරාජ් තිසන්ත (කි.ග්‍රෑ 46)- හොරණ විද්‍යාරතන වි. වි. පීඨය , එච්.එම්. කරුණානායක (හොරණ විද්‍යාරතන වි.වි. පීඨය)

ක්‍රීඩිකාවන්

ජේ.කේ. විශ්මි නේත්‍රා (කි.ග්‍රෑ 52) – කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසල, බී.එච්. සෙව්වන්දි (කි..ග්‍රෑ 48) -හොරණ දොන් පැට්‍රික් විදුහල, පී.හෂිනි අනූපමා (කි.ග්‍රෑ 46)- කඹුරුපිටිය නාරන්දෙණිය ජාතික පාසල, කේ.ඩී. කුලතුංග (කි.ග්‍රෑ 50)-පිළිමතලාව ධීරානන්ද විදුහල)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.