දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සුදානම ගැන සොයන්න සංගම් නිලධාරීන්ට කැඳවීමක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන ක්‍රීඩා සඳහා ඒ ඒ ක්‍රීඩා සංගම් වල සුදානම පිරික්සීමට ක්‍රීඩා අමාත්‍යංශය සුදානම් වේ .

මේ සඳහා සියලු සංචිත නිලධාරීන් , කළමනාකරුවන් සහ ඔලිම්පික් කමිටු නිලධාරීන් ලබන සිකුරාදා (11) ක්‍රීඩා අමාත්‍යංශයට කැඳවා තිබේ.

අදාළ කැඳවීමේදී මේ වන විට අදාළ ක්‍රීඩාවන් සඳහා ලබා දී ඇති මුල්‍ය ප්‍රතිපාදන සහ සම්පත් යොදාගෙන ඇති ආකාරය, සංගම් අතර ඇති ගැටළු පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතයි.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මේ වසරේ දෙසැම්බර් 1 සිට 10 දක්වා නේපාලයේ කත්මන්ඩු සහ පොකරා නගරවලදී පැවැත්වීමට නියමිතයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.