ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලිය -ශ්‍රී ලංකාවෙන් 08ක් තරග බිමේ

කිලෝ ග‍්‍රෑම් 73 බර පන්තිය නියෝජනය කරන ඉන්දික දිසානායක

තරුපති වීරසිංහ.

තායිලන්තයේ පතායා නගරයේදී හෙට (18) ආරම්භවීමට නියමිත ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙක් තරග වැදීමට නියමිතයි.

තරගාවලිය ලබන 27 වැනි දින දක්වා තායිලන්තයේ පතායා නගරයේදී ක‍්‍රියාත්මක වනු ඇත.

2020 වසරේදී ජපානයේ ටෝකියෝ අගනුවර දී ක‍්‍රියාත්මක කෙරෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ගැනීම තරවලියට සහභාගිවීමේ මුලිකම අභිප්‍රාය බව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ආර්.බී. වික‍්‍රමසිංහ ‘ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් ඩොට් කොම් ‘ වෙත සඳහන් කළේය .

“මෙවර තරගාවලියේ දී ප‍්‍රදර්ශනය කරන දක්ෂතාව අනුව මීළඟ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ඇතුළත් කර ගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සංඛ්‍යාව තීරණය වෙනවා . තරගාවලියට එක්වෙන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සියලූදෙනාම ජාත්‍යන්තර පදක්කම්ලාභීන් ඒ නිසා මම විශ්වාස කරනවා අපට ඔලිම්පික් වරම් හිමිකරගන්නා පුළුවන් වෙයි කියලා”

කණ්ඩායමේ සහය පුහුණුකරුවන් ලෙස රුක්ෂාන් ගුණතිලක සහ ටී.යූ.එම්.බී. ගුණතිලක මහතා කටයුතු කරන අතර උපුල් දිසානායක භෞත චිකිත්සක ලෙස මෙවර තරගාවලියට එක්ව සිටි.

මෙවර තරගාවලියේ විශේෂතත්වය නම් ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් අභිනවයෙන් හඳුන්වා දෙන ලද බර පන්ති අනුව ක‍්‍රියාත්මක කර තිබීම යි .ඒ අනුව මෙවර තරගාවලියට පිරිමි හා කාන්තා බර පන්ති 20 ඇතුළත් ව තිබේ .

තරගාවලියට එක්වෙන ශ්‍රී ලන්ක්ක ක්‍රීඩක ක්‍රීඩිකා සංචිතය

පිරිමි
ඉසුරු කුමාර (කිලෝ ග‍්‍රෑම් 55 බර පන්තිය), තිලංග විරාජ් පළඟසිංහ (කිලෝ ග‍්‍රෑම් 61 බර පන්තිය), චතුරංග ලක්මාල්(කිලෝ ග‍්‍රෑම් 61 බර පන්තිය),සුදේශ් පීරිස් ( කිලෝ ග‍්‍රෑම් 73 බර පන්තිය), ඉන්දික දිසානායක (කිලෝ ග‍්‍රෑම් 73 බර පන්තිය) සහ චින්තන ගීතාල් විදානගේ (කිලෝ ග‍්‍රෑම් 81 බර පන්තිය)

කාන්තා
හංසනී ගෝමස් (කිලෝග‍්‍රෑම් 49 බර පංතිය) සහ සී. වර්ණකුලසූරිය (කිලෝ ග‍්‍රෑම් 55 බර පන්තිය)

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.