ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලිය – ශ්‍රී ලංකාවට පසුබැස්මක්

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර තරගයේ අවස්ථාවක්

කාංචන සුරියආරච්චි .

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රේණිගත කිරීමේ 13 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවට ලැබුණු අනගි අවස්ථාවක් අහිමිවිය . ඒ තරගාවලියේ දෙවන වටයේ (‘ජී’ කාණ්ඩය) ඕමානය ට එරෙහි තරගයෙන් ලද පරාජයත් සමඟයි .

ශ‍්‍රී ලංකාව පළමු වටයේදී සහභාගි වූ තරග තුනම පරාජයට පත්විය. පළමු වටයේදී ශ‍්‍රී ලංකාව සහභාගි අවසන් තරගයේදී කටාර් රාජ්‍ය හමුවේ 3-0 ක පරාජයක් අත්වින්දේය.

ශ‍්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයෙන්ද ඉරානයේ හමුවේ 3-0 ක (25-15, 25-17 , 25-23) පරාජයක් ලැබූ අතර ඔස්ටේ‍්‍රලියාව සමග තරගයේදී ශ‍්‍රී ලංකාව 25-15ක්, 30-32, සහ 25-13 ක් වශයෙන් තරග වට තුනම පරාජයට පත්විය

ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලිය රටවල් 16 ක සහභාගීත්වයෙන් ඉරානයේ ටෙහෙරාන් නුවරදී ක්‍රියාත්මක වේ

ඔස්ටේ‍්‍රලියාව, ජපානය, චීනය සහ දකුණු කොරියාව පළමු වටයේදී අපරාජිතව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය. එම රටවල් හතර ශූරතාව, අනුශූරතාව සඳහා තරග වදිනු ලබයි.

https://en.mehrnews.com/news/149986/VIDEO-Highlights-of-Iran-vs-Sri-Lanka-at-Asian-Volleyball-C-ship

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.