පාකිස්ථාන සංචාරය වර්ජනය කළ ක්‍රීඩකයන්ට දඩුවම්කළ යුතුයි -මියාන්ඩාඩ්

ජාත්‍යන්තර රාජකාරියට වඩා විදේශීය විස්සයි 20 ලීගයන්ට ප්‍රමුඛත්වය දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත යුතු බව පාකිස්තානයේ හිටපු නායක ජාවෙඩ් මියාන්ඩාඩ් පවසයි.

“ජාත්‍යන්තර තරග ක්‍රීඩකයින්ගේ ප්‍රමුඛතාවය විය යුතු අතර පාකිස්තාන තරගාවලියෙන් ඉවත් වූ අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ද දඩුවම් කළ යුතුයි.” යනුවෙන් 62 හැවිරිදි මියන්ඩාඩ් අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ආරක්ෂක භීතීන් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ ඉහළම ක්‍රීඩකයින් වන විස්සයි 20 නායක ලසිත් මාලිංග, හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් දිනේෂ් චන්දිමාල්, සුරංග ලක්මාල්, දිමුත් කරුණානරත්න, තිසර පෙරේරා, අකිල ධනංජය, ධනංජය ද සිල්වා, කුසාල් පෙරේරා පාකිස්ථාන සංචාරයෙන් ඉවත්වීමට තීරණය කළහ.

එසේම පාකිස්තානයේ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ ජේෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී නොවීම ගැටලුවක් නොවිය යුතු බව ද ජාවෙඩ් මියාන්ඩාඩ් පවසයි.

ශ්‍රී ලංකාව කණ්ඩායම එක්දින තරග සහ විස්සයි විස්ස තරග 3 බැගින් පිළිවෙලින් කරච්චි සහ ලාහෝර් හි ක්‍රීඩා කිරීමට නියමිත අතර පළමු එක දින තරගය සැප්තැම්බර් 27 වෙනිදා පැවැත්වීමට සුදානම් කර තිබේ.

“කුමන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සංචාරය කළත් කමක් නැත. පාකිස්තානය අවධානය යොමු කළ යුත්තේ කණ්ඩායමේ සංචිතයේ ගුණාත්මකභාවය නොසලකා ඔවුන්ගේ හොඳම දස්කම් දැක්වීමට පමණි,” මියන්ඩාඩ් විදෙස් මාධ්‍යට ප්‍රකාශ කර තිබේ

කෙසේ වෙතත්,

ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශයට එරෙහි තරගමාලා ඇතුළත් වන ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනයට හොඳ ආරම්භයක් ලබා දීමට පාකිස්තානයට මෙම තරගාවලිය ඉවහල් වන බව පැවසූ මියන්ඩාඩ් ශ්‍රී ලංකාව සමනග පාකිස්තානයේ ක්‍රීඩා කිරීම පාකිස්තාන ක්‍රීඩකයින්ට විශ්වාසයක් ඇති කරන බව ද පැවසීය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.