ජූඩෝ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකා සම්මාන සකිඳුට සහ යමීනාට

නාවලපිටිය ජයතිලක ගෘහස්ථ පිටියේදී නිමාවට පත් වූ සමස්ත ලංකා පාසල් ජූඩෝ ශූරතාවලියේ බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා බවට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සකිඳු දසනායක පත්වෙද්දී, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය යමීනා රිෆාස් දිනා ගැනීමට සමත් වූවාය.

එහිදී කිලෝ ග්‍රෑම් 73 බර පන්තියෙන් තරග කළ සකිඳු දසනායක විවෘත අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. කිලෝ ග්‍රෑම් 63 බර පන්තියෙන් තරග කළ යමීනා , එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

බාලක අංශයේ සමස්ත ශූරතාව ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලය දිනා ගනිද්දී, ගම්පොළ නගරයේම පිහිටි වික්‍රමබාහු ජාතික පාසල අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.

මෙවර බාලිකා අංශයේ සමස්ත ශූරතාව ගම්පොල ජිනරාජ බාලිකා මහා විද්‍යාලය දිනාගත් අතර ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය අනුශූරතාවය දිනා ගත්තේය.

මෙවර තරගාවලිය සඳහා දිවයිනපුරා පිහිටි පාසල් 58කින්  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450කට වැඩි සංඛ්‍යාවක් සහභාගීවූහ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.