වෛද්‍ය සමිතා සමන්මලී ලෝකඩ පදක්කමකින් ලක්මාතාව සරසයි

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලිය නියෝජනය කළ වෛද්‍ය සමිතා සමන්මලි එහි  කාන්තා කේවල තරග ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

2008 වසරේදී කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිදිවූ අනතරකින් සමිතා සමන්මලි ආබාධයට ලක්වුවද, ඇය සියල්ල සම සිතින් දරා ගනිමින් වෛද්‍යවරියක් වීමේ සිහිනය ඉටුකර ගත්තාය. මේ වනවිට වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන ඇය ක්‍රීඩාව ඔස්සේ ද ජාත්‍යන්තර තලය ජය ගනිමින් සිටියි.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.