ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා T20 – ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සමගින් දෙවැනි තරගයට පිවිසෙන ලකුණු

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර බ්‍රිස්බෙන්හි පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරගය අද ( 30 ) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 1.30 ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු විස්සයි 20 තරගය ලකුණු 134කින් පරාජය වූ අතර ඒ අනුව පළමු තරගයට ක්‍රීඩාකළ කසුන් රාජිත වෙනුවට බොහෝ විට ඉසුරු උදාන කණ්ඩායමට කැඳවීමට නියමිත බව ආරංචි වේ. අද තරගයේදී කුසල් ජනිත් පෙරේරාගේ ස්ථානය ද අවිනිශ්චිතව ඇති බැවින් ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට පැමිණීමට බොහෝ විට ඉඩ තිබේ.

ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් ඔහුගේ සහෝදරයාගේ මංගල සාදයට සහභාගීවීම හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකරන අතර, ඒ වෙනුවට  බිලී ස්ටැන්ලේක් කණ්ඩායමට එක්වනු ඇති බව සඳහන් වේ.

අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – ධනුෂ්ක ගුණතිලක,කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ඕෂධ ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, වනිදු හසරංග, ඉසුරු උදාන,ලක්ෂාන් සඳකැන්, ලසිත් මාලිංග ( නායක ), නුවන් ප්‍රදීප්

අපේක්ෂිත ඕස්ට්‍රේලියානු කණ්ඩායම – ඩේවිඩ් වෝනර්, ඇරෝන් ෆින්ච් ( නායක ), ග්ලේන් මැක්ස්වෙල්,ස්ටිව් ස්මිත්, ඇෂ්ටන් ටර්නර්, ඇලෙක්ස් කේරී, ඇෂ්ටන් අගර්, පැට් කමින්ස්, කේන් රිචඩ්සන්, ඇඩම් සම්පා,බිලී ස්ටැන්ලේක්

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.