අනුස්මරණ තරගාවලියකට ශ්‍රී ලංකා රග්බි පිල සිංගප්පුරුවට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සිංගප්පූරුවේ පදිංචි නිකොල්සන් පවුලේ සාමාජිකයන් තිදෙනා අනුස්මරණය කරමින් පැවැත්වෙන තුන්කොන් දස සාමාජික රග්බි තරගාවලියකට සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.

පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදාවේ එල්ල වූ එම ත්‍රස්ත ප්‍රහාර මාලාවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පිපිරී ගිය බෝම්බයෙන් ජීවිතක්ෂයට පත්වූ සිය බිරිය සහ දරු දෙදෙනා සිහි කරමින් මේ රග්බි තරගාවලිය සංවිධාන කිරීමට එරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන බෙන් නිකොල්සන් ට සිංගප්පූරු රග්බි සංගමයේ සහ ඇට්ලස් පදනමේ සහාය ලැබී තිබේ.

නොවැම්බර් මස 5 වැනිදා සිංගප්පූරුවේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සමග සිංගප්පූරු කණ්ඩායමත්, ෆිජී ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් ක්‍රීඩා කිරීමට නියමිතය.

නොවැම්බර් මස පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලියට සුදුසුකම් ලබාදෙන තරගාවලිය දකුණු කොරියාවේ පැවැත්වෙන අතර මෙම අනුස්මරණ තරගය ඒ සඳහා ද ශ්‍රී ලංකා පිලට කදිම පෙරහුරුවක් වනු ඇති බව ග්බි සභාපති ලසිත ගුණරත්න පවසයි.

සිංගප්පූරු සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම

දන්ෂා දයාන්, අදීෂ වීරතුංග, අෂේන් බණ්ඩාර, චතුර සෙනෙවිරත්න, බුද්ධිම පියරත්න, ඉරෝෂන් සිල්වා, ජේසන් දිසානායක, කෙවින් ඩික්සන්, කවිඳු කේෂාන්, ලසිඳු ඉෂාන්, නවීන් හේනකංකානම්ගේ, රවිඳු හෙට්ටිආරච්චි, රීසා රෆායිඩීන්, සචිත් සිල්වා, සුදාරක දික්කුඹුර, විමුක්ති රාහුල.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.