ශ්‍රී ලංකාවට විදෙස් පාපන්දු පුහුණුකරුවෙක් ගෙන ඒමේ සූදානමක්

ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ලෙස පැකි අලි (වමේ) පත් පත්කරමින් ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති අනුර ද සිල්වා (දකුණේ ) ජාතික පාපන්දු කණ්ඩායමේ නිල ජර්සිය ලබා දුන් අවස්ථාව

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සඳහා විදෙස් පුහුණු කරුවෙක් ගෙන ඒමට අවශ්‍යතාවය අනුව කටයුතු කරන බව ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපති අනුර ද සිල්වා පවසයි.

පසුගිය වසර එකහමාරක පමණ කාලයක් ශ්‍රී ලංකා පපනු කණ්ඩායම පුහුණු කරනු ලැබුයේ හිටපු ජාතික ක්‍රීඩකයෙක් වූ පකීර් අලි විසිනි. ඔහු 2018 මාර්තු මාසයේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස පත්කරනු ලැබිය .

මේ වසරේ දෙසැම්බර් මාසයේදී ජාතික පුහුණුකරුගේ ප්‍රගතිය සමාලෝචනය කරමින් මෙම තීරණයට එළෙඹෙන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.