SAG2019-පාපැදියෙන් 10ක් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට

නේපාලයේ කත්මන්ඩු නුවරදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා නියෝජනය කරමින් පාපැදි ඉසව්වෙන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වෙයි.

මේ කණ්ඩායමට ක්‍රීඩකයන් 6 දෙනකු ඇතුළත්වන අතර ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 4කි. එහි මූලික සංචිතයට ක්‍රීඩකයන් 9ක් සහ ක්‍රීඩිකාවන් 5 දෙනකු එක්ව සිටියහ.

අවසන් වරට ඉන්දියාවේ පැවැති 12 වැනි සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 2, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් මෙවර ක්‍රීඩා උළෙලේදී පසුගියවර දිනාගත් පදක්කම් අබිබවා යෑමට හැකිවනු ඇතැයි සාග් කණ්ඩායමේ කළමනාකරු සහ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නිහාල් කුලසේකර මහතා ‘දිනමිණ’ට පැවැසීය.

‘මේ සංචිතයට පසුගියවර පදක්කම් දිනාගත් කණ්ඩායමට ඇතුළත්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකුම ඇතුළත්ව නැහැ. තේරීම් වලදී ඔවුන්ගේ දස්කම් වලට වඩා අලුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් කාලය අතින් ඉදිරියෙන් සිටියා. මේ තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගිය වරට වඩා දක්ෂතා අතින් ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා පසුගිය වර පාපැදි ඉසව්වෙන් දිනාගත් පදක්කම් වලට වඩා වැඩි ප්‍රමාණයක් මෙවර දිනා ගැනීමට හැකියාව තියෙනවා’

පසුගිය වර ක්‍රීඩා උළෙලේදී ජීවන් ජයසිංහ රන් පදක්කම් ද්විත්වයට හිමිකම් කියද්දී නවීන් රුචිර රිදී පදක්කමකට හිමිකම් කීය. කිලෝමීටර් 40 කාලය මැනීමේ කාන්තා කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කම්ද ශ්‍රී ලංකාව සතුවිය. එම කණ්ඩායම නියෝජනය කළ උදේශිනී නිරංජනී සහ ලෝක පදක්කමක් දිනාගත් පිරිමි කණ්ඩායමට එක්ව සිටි අවිශ්ක දිල්රුවන් පමණක් මෙවර සංචිතයට ඇතුළත්ව සිටිති.

මෙවර ක්‍රීඩා උළෙලේ පාපැදි තරග ඉසව් දෙසැම්බර් 3 වැනිදා සිට 7 වැනිදා දක්වා කත්මන්ඩු නුවර ගොකර්නා හිදී පැවැත්වේ.

සාග් යන පිරිමි සංචිතය – අවිශ්ක දිල්රුවන්, ප්‍රභාෂ් මධුසංඛ, ඩේන් නුගේරා, ප්‍රමෝද ද සිල්වා, චාමික සඳුන්, ගිහාන් පුෂ්පකුමාර

කාන්තා සංචිතය – පංචාලි සුලෝචනා, මධුමාලි ප්‍රනාන්දු, දිනේසා දිල්රුක්ෂි, උදේශිනි නිරංජනි

නිලධාරීන් – නිහාල් කුලසේකර (කළමණාකරු), චානක සිරිවර්ධන (නියෝජ්‍ය කළමනාකරු), උපාලි රත්නායක (ප්‍රධාන පුහුණුකරු), සහාය පුහුණුකරුවන් – ජානක සුමිත් කුමාර, මුතුමාල

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.