ටීම් සෞතී තෙන්ඩුල්කාර් සම කරයි

ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යවන්නෙක් පිතිකරුවෙක්ගේ වාර්තාවක් අභිබවා යාම එක්තරා විදිහක දුර්ලභ අවස්ථාවකි.

එවැනි දුර්ලභ වාර්තාවක් තබන්නට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ටීම් සෞතී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී සමත්විය.

ඒ ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් සිය ටෙස්ට් තරගවලදී ලබා ගත් 6 පහර සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමයි.

තෙන්ඩුල්කාර් ටෙස්ට් තරග වලදී හයේ පහර 69 ක එල්ල කර තිබු අතර ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක දනජය ද සිල්වාට එල්ල කරනු ලැබූ 6 පහරත් සමඟින් එම වාර්තාව සම කිරීමට සෞතී සමත්විය.

තෙන්ඩුල්කාර් ටෙස්ට් 200 ක් ක්‍රීඩා කර 329 වතාවක් පන්දුවට පහර දී ඇති අතර සෞතී මේ වන විට සිය 66 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින්නේ පිතිකරුවෙක් ලෙස අවස්ථා 96 ක් ලබා ගනිමිනි.

පන්දුව වැරෙන් පහරදීම සඳහා සවුති දැක්වූ විශ්මය ජනක කුසලතාවය නිසා ක්‍රිකට් ලෝලීන් අතර ‘සික්සර් සෞතී ‘ යන අන්වර්ථ නාමයද ඔහුට ලැබී තිබේ.

බොහෝවිට අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසෙන ටීම් සෞතී ටෙස්ට් තරග 66 කදී අර්ධ ශතක 9 ක් රැස්කර ගෙන ඇති අතර ඔහුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ පන්දු 40 කදී ලබාගත් ලකුණු 77කි. ඊට 6 පහර 9ක් ඇතුලත් වීමද විශේෂයි.

මේ වන විට ටෙස්ට් ක්‍රිකට් පිටියේ හයේ පහර 6 ක් එල්ල කළ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ 17 වන ස්ථානයේ ටීම් සෞතී රැඳී සිටින අතර තවත් තවත් දක්ෂ පිතිකරුවන් වූ යුනිස් ඛාන් හා ක්ලයිව් ලොයිඩ් හා සම තැන ගෙන සිටි. ඔහුට රිකී පොන්ටිං ඉක්මවා යාමට අවශ්‍ය වන්නේ තවත් හයේ පහර 4 ක් පමණි.

හිටපු ක්‍රීඩකයින් වන ඒබී ඩිවිලියර්ස්, සනත් ජයසූරිය, ඉයන් බොතම් සෞතී විසින් දැනටමත් ලැයිස්තුවේ අභිබවා ගොස් ඇති අතර වත්මන් ක්‍රීඩකයින් අතර බෙන් ස්ටෝක්ස්, ඩේවිඩ් වෝනර් සහ රොස් ටේලර් ඔහු පසු පසින් සිටි.

Related image

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.