ටෙස්ට් ශුරතා තරගාවලිය ටෙස්ට් ක්‍රිකට් සඳහා වටිනාකමක් එක්කරනවා -විලියම්සන්

ටෙස්ට් ක්‍රිකට් ශුරතා තරගාවලියක් ඇති කිරීම තුලින් සෑම ටෙස්ට් තරගාවලියකටම වටිනාකමක් එක්කරන බව නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පවසයි .

“ඔබ ඕනෑම කණ්ඩායමක් සමඟ ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම එය ඉතා තරඟකාරීයි. නමුත් දැන් ශුරතාවයක් ද එකතු වී ඇති නිසා වසර දෙකකින් සෑම කෙනෙකුම ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා ගැනීමට පෙළඹවීමක් ඇතිකරනවා .එය ඇත්තෙන්ම සිත්ගන්නාසුලු දෙයක් වේවි ”

නවසීලන්ත කණ්ඩායම ටෙස්ට් ශුරතා තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සමනග ටෙස්ට් තරග දෙකකට සහභාගී වන අතර එම තරගාවලියේදී ඔවුන් තරග 2-0ක් ලෙස ජයගතහොත් ඉන්දියාව අබිබවා යමින් ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයට පත්වීමේ ඉඩකඩ හිමිවේ.

“එය සිදු වුවහොත් එය විශිෂ්ටයි. ශ්‍රේණිගත කිරීම්වල ඇති දෙය නම් ඒවා සැම විටම වසර පුරාම ඉහල පහල යනවා වන අතර එය තනිකරම ඔබ ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාවට අනුව සිදිවන ප්‍රතික්‍රියාවකි. ”විලියම්සන් පැවසීය.

“අප සඳහා, අපි අවධානය යොමු කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවටයි, මන්ද එය අපට සාර්ථකත්වයට යාමට හොඳම අවස්ථාව ලබා දෙයි. ශ්‍රී ලංකාවට එරෙහි අභියෝගය ට සාර්ථකව මුහුණ දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ” විලියම්සන් අවධාරණය කළේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.