ශෂන්ක් මනෝහර් ජනපති හමු වෙයි

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ශෂන්ක් මනෝහර් මහතා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා  හමුවේ ප්‍රකාශ කළේය.

<<ICC සභාපති මනොහර්, ක්‍රිකට් ගැටලු විසදන්න දිවයිනට>>

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.