ලෝක කුසලාන රග්බි -නවසීලන්තය ඔත්තු බලන බවට එංගලන්තයෙන් චෝදනා

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පෙර තම කණ්ඩායමේ පුහුණු සැසි පිළිබඳව නවසීලන්තය විසින් ඔත්තු බලමින් සිටින බව එංගලන්ත පුහුණුකරු එඩී ජෝන්ස් පවසයි.

ලෝක ශූරයන් වන නවසීලන්තයට මෙම තරගය වැඩි පීඩනයක් එල්ල කරන බවට පවසන එඩී ජෝන්ස් තම පුහුණු සැසිවාර 3ක් පුහුණු ක්‍රීඩාංගනය අසල පිහිටි මහල් නිවාස සංකීර්ණයක සිට යමෙක් රූ ගත කරනු නිරීක්ෂණය කල බව මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.

ඔක්තෝබර් 26 සෙනසුරාදා යෝකෝහාමා හි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී එංගලන්තය සහ නවසීලන්තය රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ප්‍රථම තරගයේදී එකිනෙක මුණ ගැසීමට නියමිතයි.

එහිදී මාධ්‍යවේදීන් සැකකරුගේ අනන්‍යතාවය ගැන විමසූ විට ජෝන්ස් තවදුරටත් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.

“අනිවාර්යයෙන්ම මහල් නිවාස සංකීර්ණයේ රූගත කිරීම්වල යමෙකු සිටියා. නමුත් එය ජපන් රසිකයෙක් වන්නට ඇති.මේ තත්ත්වය අපි එය මුල සිටම දැන සිටියා .එය කිසිවක් වෙනස් නොකරයි – අපි එයට කැමතියි.” ජෝන්ස් මාධ්‍යට ප්‍රකාශ කළේය.

විරුද්ධවාදීන්ගේ පුහුණු සැසි රූගත කිරීම අමුත්තක් නොවන බව පවසන ජෝන්ස් 2001 දක්වාම මෙම උපක්‍රමය තමන් විසින්ද භාවිතා කළ බව පැවසීය.

නවසිලන්ත පුහුණුවීම් රූ ගත කිරීමට තමන් යමෙක් යවන බවට ජෝන්ස් මාධ්‍යවේදීන් ට විහිළුවක් කරමින් ප්‍රකාශ කළේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.