පළාත් ක්‍රීඩා නිලධාරීන්ගෙන් ජාතික මහා උළෙලට රතු එළියක්

බදුල්ලේදී ආරම්භවීමට නියමිත 45 වෙනි ජාතිකමහා ක්‍රීඩා උළෙල වර්ජනය කිරීමට පළාත් ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය සුදානම් වන බවට වාර්තාවෙයි.

ක්‍රීඩා නිලධාරියෙක් ලෙස වසර 25ක සේවා කාලයක් සම්පුර්ණ කළහොත් පළාත් ක්‍රීඩා නිලධාරීන්ට ක්‍රීඩා අමාත්‍යංශය විසින් ලබා දෙන රන් පවුම ප්‍රදානය මෙවර සිදු නොවීම ඊට හේතුවයි.

අදාල රන් පවුම ලබාදීම ට ලිඛිත පොරොන්දුවක් තරගාවලිය ආරම්භවීමට ප්‍රථම සිදු නොකරන්නේ නම් එතෙක් සමාරම්භක උත්සවය වර්ජනය කරන බවට පළාත් ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරීන්ට අනතුරු අඟවා තිබේ.

මේ තත්ත්වය හේතුවෙන් තරගාවලිය නියමිත පරිදි ආරම්භ කිරීමේ දැඩි අසීරුතාවයකට ක්‍රීඩා අමාත්‍යංශය පත්ව තිබේ.

කෙසේ වෙතත් පළාත් ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය මෙවැනි ජාතික ක්‍රීඩා උලෙලෙක දී මෙවැනි තීරණයක් ගැනීම බොහෝ දෙනාගේ අප්‍රසාදය පලවී ඇති අතර ඊට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගැනීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කල යුතු බව ඔවුන් අවධාරණය කරකරයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.