සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක්

සමස්ත ලංකා පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලිය සඳහා රටපුරා පාසල් 700කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6000ක් සහභාගි වීමට නිඅමිතයි

මේ මස 30 වැනිදා සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ වන අතර නොවැම්බර් මස 3වැනිදා දක්වා දින පහක් පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වයස 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ, 20 න් පහළ බාලක හා බාලිකා ඉසව් පැවැත්වෙන අතර ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ යන ප‍්‍රධාන මලල ක්‍රීඩා ශූරතාවලට අමතරව සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සියලුම ක්‍රීඩාවලින් දස්කම් දැක්වූ අති විශිෂ්ඨ පාසලට ශූරතා කුසලානය මෙම මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් දිනයේදී ප්‍රදානය කෙරේ. පසුගිය වසරේ එම අති විශිෂ්ට ශූරතාව කොළඹ විශාඛා විදුහලට හිමි විය.

අවසන් වරට පසුගිය වසරේ පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා අංශයෙන් ඉතිහාසයේ වැඩිම නව තරග වාර්තා බිහිවූ අතර වාර්තා 46ක් සටහන් විය. එහිදී බාලක අංශයෙන් නව තරග වාර්තා 25ක් හා බාලිකා අංශයෙන් නව තරග වාර්තා 21ක් බිහිවිය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.