දකුණු ආසියානු තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත්ට සහ හර්ෂිතාට

එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව වෙනුවෙන් සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය මේ වනවිට නැගී එන කණ්ඩායම මෙහෙයවනු ලබන චරිත් අසලංකට හිමිව ඇති අතර,  කාන්තා කණ්ඩායම් නායකත්වය යොවුන් ක්‍රීඩිකා හර්ෂිතා මාධවි වෙත ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ ( 23 ) තීරණය කළේය.

චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයද්දී, කණ්ඩායමේ උප නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් වෙත හිමිව තිබේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නැගි එන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේද, හර්ෂිතා මාධවි විසිනි. කවීෂා දිල්ෂාරි විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට උප නායකත්වය සපයනු ලැබේ.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එලඹෙන දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මන්දු සහ ෆොකාරාහිදී පැවැත්වීමට නියමිතය.

දකුණු ආසියානු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පිරිම් කණ්ඩායම

චරිත් අසලංක (නායක), කමිඳු මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, හසිත බෝයගොඩ, විශ්ව චතුරංග, අෂේන් බණ්ඩාර, ශම්මු අශාන්, නිශාන් මදුශ්ක, ජෙහාන් ඩැනියල්, අසිත ප්‍රනාන්දු, කලන පෙරේරා, නිශාන් පීරිස්, දුවිඳු තිලකරත්න, සචිඳු කොළඹගේ, කනිෂ්ක අංජුල.

දකුණු ආසියානු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම

හර්ෂිතා මාදවී (නායිකා), කවීශා දිල්හාරි (උප නායිකා), සත්‍යා සංදීපනී, උමාෂා තිමේශිනී, තාරිකා සෙව්වන්දි, ලිහිණි අප්සරා, ජිමන්ජලී විජේනායක, සචිනි නිසංසලා, නිලක්ෂනා සඳමිනී, ශයන ඕෂධී, මල්ෂා රණතුංග, තාරුකා ෂෙහානි, ශිකාරා නුවන්තා, සචිනි ද සිල්වා, ජනදි අනාලි

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.