ශ්‍රී ලංකා ක්‍රිකට් වෝහාරික විගනනයෙන් හතුරුසිංහ ට සලකපු හැටි එලියට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ වෝහාරික විගණන වාර්තාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පිළිබඳව කරුණු රැසක් අනාවරණය වී තිබේ.

එයින් ප්‍රධානතම අනාවරණයක් වන්නේ චන්දිකා හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමේදී විධායක කමිටුව එම ක්‍රියාවලියට නිසි අනුමැතිය ලබා දී නොමැති බවයි. හතුරුසිංහ සහ ශ්‍රී ලංකා ආයතනය අතර ගිවිසුම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර නොමැති අතර කාරණය නිසි ලෙස විමර්ශනය කර නොමැති බව එහි සඳහන් වේ.

මිට අමතරව එහිදී වඩාත් කැපී පෙනෙන්නේ ප්‍රධාන පුහුණුකරු ලෙස හතුරුසිංහ වෙත පිරිනමම ඇති විශේෂ වරප්‍රසාද පිළිබඳව ඇති කරුණු අනාවරණයයි.

ප්‍රධාන පුහුණුකරු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇතිකරගත් ගිවිසුමේ තුන්වන ඡේදයට අනුව ඇමරිකානු ඩොලර් 20,000 ක් වාර්ෂිකව ගුවන් ගමන් දීමනා ලෙස ගෙවා ඇත.

එසේම 2018 ජනවාරි 1 සිට 2019 ජුනි 30 දක්වා කාලය තුළ ප්‍රධාන පුහුණුකරුට රුපියල් 4,415,901 ක මුළු දීමනාවක් ගෙවීමට කටයුතු කර තිබේ.

පුහුණුකරුවන් උපයන අමතර ආදායම සඳහා අයකරනු ලබන බදු වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රු .1,059,810 ක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපොහොසත් වී ඇති බව නිරීක්ෂණවලින් තවදුරටත් අනාවරණය වේ.

මේ අතර හතුරුසිංහ ට මුල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස පිරිනම ඇති රුපියල් 630,000 ක් බදු ගණනය කිරීමේදී සලකා බැලීමක් කර නොමැති අතර ඒ හේතුවෙන් රුපියල් 151,200 ක් බදු වශයෙන් ආයතනය ගෙවා නොමැත.

ක්‍රිකට් පුහුණුකරුට මාසික බදු පදනම මත ලබා දුන් වාහනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් 130,000 ක් ගෙවා තිබේ.මෙම වාහනය සඳහා ඉන්ධන ගාස්තු ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවා ඇත.

වාර්තාවක් පිළියෙල කිරීම සඳහා මාස 36 ක කාලයක් තුළ ඇමරිකානු ඩොලර් 360,000 ක උපදේශන ගාස්තු හතුරසිංහට ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබේ.

හතුරුසිංහ වෙනුවෙන් රුපියල් 5,045,901 ක ආදායමක් මත අයකරනු ලබන රුපියල් 1,211,016 ක බදු ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් ආදායම් බදු රුපියල් 382,439 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට නියමිතය. චන්දිකා හතුරිසිංහ වෙනුවෙන් රුපියල් 15,537,700 ක බදු ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එකඟ වී තිබේ

හතුරුසිංහ වෙනුවෙන් දරු වියදම අර්ථ විරහිත වගකීමක් ලෙස විගණන නිරීක්ෂණවල ඉස්මතු කර ඇති අතර එක් සේවකයෙකු වෙනුවෙන් පමණක් සිදුකර ඇති මෙම වියදම , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවර්ධනය සඳහා ආයෝජනය කළ හැකිව තිබූ බව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.