SL vs PAK – පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් වසන්තයට කරච්චිත් සූදානම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය හෙට ( 19 ) පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය. ඒ අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව විසඳා ගැනීමට කණ්ඩායම් දෙකටම හැකියාව ලැබිණ.

පළමු ටෙස්ට් තරගයේදී පන්දු යවන්නන්ට සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමට අවස්තාව හිමි නොවුනද, එම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා ශතකයක් වාර්තා කරද්දී, පාකිස්තානය වෙනුවෙන් අබිඩ් අලී සහ බාබර් අසාම් ශතක රැස් කරමින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගත්හ. ඒ අනුව හෙට ඇරඹෙන මෙම තරගයේදී කාසියේ වාසිය මත දැඩි වෙනසක් ඇති වීමට හැකි බව ක්‍රිකට් විචාරකයන් පවසති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේවනවිට ක්‍රීඩා කරමින් සිටින ප්‍රවීන වේග පන්දු දෙපළක් වන සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් යන දෙදෙනාම මෙවර තරගාවලියට සහභාගී නොවීම හේතුවෙන් එකී කාර්යය කසුන් රාජිත හා විශ්ව ප්‍රනාන්දු වෙත පැවරිණ.  එහෙත් මේ වනවිට කසුන් රාජිත ද ආබාධයට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙන් ම දිමුත් කරුණාරත්න ද  දැඩි අපහසුතාවයකට ලක්ව තිබේ. ඒ අනුව හෙට තරගයේදී බොහෝ විට දග පන්දු යවන්නන් තිදෙනෙකු උපයෝගි කර ගනමින් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීම නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව දිල්රුවන් පෙරේරා සහ ධනංජය ද සිල්වා සමගින් ලසිත් ඇඹුල්දෙණිය බොහෝ විට ක්‍රීඩා කිරීමට නියමිතය.  ඒ අනුව ළහිරු කුමාරට සහ විශ්ව ප්‍රනාන්දුට වේග පන්දු යවන්නන් ලෙස මෙම තරගයේදී විශාල කාර්යක් සිදු කිරීමට සිදුවනු ඇත.

තරගයේ ජයග්‍රහණයක් පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු තබා ගැනීමට නම්, අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසෙන කුසල් මෙන්ඩිස් මෙන් ම මාස 9 කට පසු ටෙස්ට් පිටියට එක්ව සිටින දිනේෂ් චන්දිමාල්ට මෙම තරගයේදී ලකුණු අතරට පිවිසීම අනිවාර්යය කරුණක් වනු ඇත.

ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරග 5න් 3ක්ම ජයගෙන ඇති අතර එක් තරගයක් පරාජයට පත්ව තිබේ. එත් තරගයක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ. එහෙත් පාකිස්තානය අවසන් වරට සහභාගී වූ ටෙස්ට් තරග 5න් 4ක්ම පරාජයට පත් තිබේ.

අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න ( නායක ), ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දිකුවැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර

අපේක්ෂිත පාකිස්තාන කණ්ඩායම – අසාර් අලී (නායක), ෂාන් මසූද්, අබිඩ් අලී, බාබර් අසාම්, හරිස් සොහේල්, අසාද් ශෆික්, මොහොමඩ් රිස්වාන්, යසීර් සා, මොහොමඩ් අබාස්, නසීම් ෂා, ෂහීන් අෆ්රිඩි

 

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.