බංගලාදේශ ‘ඒ ‘ එක්දින තරගාවලිය සම කරයි.

සංචාරක බංග්ලාදේශ ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සම කිරීමට බංගලාදේශ ‘ඒ ‘ කණ්ඩායම සමත්විය.

ඒ ඊයේ පැවති දෙවන තරගය එක කඩුල්ලකින් ජයගැනීමත් සමගයි.

ප්‍රථමයෙ පන්දුවට පහරදුන් ශ්‍රී න්ලංකා ඒ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 226ක් රැස්කළ අතර එහිදී කමිදු මෙන්ඩිස් ලකුණු 61 සහ ප්‍රිමාල් පෙරේරා ලකුණු 52ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බංගලාදේශ ඒ කණ්ඩායම පන්දුවාර 50 තුලදී කඩුලු 9ක් දැවී ඉලක්කය පසුකර ගියේය .

තරගාවලියේ අවසන් තරගය (අද ) කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.