පාකිස්ථාන තරගාවලියේ ප්‍රතිපලය තරු රැසක් බිහිවීමයි -මොහාන් සිල්වා

පාකිස්තානයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තුළින් අනාගත තරු රැසක් සොයාගත් බව ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක සංචාරයකින් පසුව නැවත පැමිණිමෙන් පසුව ක්‍රිකට් ආයතනයේදී ඊයේ (10) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ක්‍රිකට් ලේකම්වරයා මේ බව කියා සිටියේය.

‘ශ්‍රී ලංකා කණ්ඩායම මේ සංචාරයට එක්වූයේ බාධක ගණනාවක් මැදයි. සංචාරයට පෙර මුලින්ම පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සොයා බලන්න අපට සිද්ධවුණා. ඊළඟට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 10ක් සංචාරයට එක්වීම ප්‍රතික්ෂේප කළා. නමුත් නිර්භීත තරුණ ක්‍රීඩකයන් ඉදිරිපත් වුණා. අපිට හරි සතුටුයි. මින් බොහෝ අය ජාතික කණ්ඩායමේ දොරටුවට තට්ටු කරමිනුයි හිටියේ. දස්කම් පෙන්වීමට අවස්ථාවක් සොයමිනුයි සිටියේ. මේ සංචාරයෙන් අපට අනාගත තරු රැසක් සොයාගත හැකිවුණා.‘ ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.