ශ්‍රී ලංකා පකිස්තාන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි

පාකිස්තාන ක්‍රිකට්හි අඳුර යුගය නිමා කරමින් ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි තරගාවලියට අදාල තරග කාල සටහන අද ( 23 )  නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.  සැප්තැම්බර් මස 27 ඇරඹෙන පළමු එක්දින තරගයෙන් මෙවර තරගාවලිය ආරම්භ විමට නියමිතය.

දෙරට අතර ඇති සම්බන්ධතාවය පුළුල් කිරිමේ අරමුණින් මෙලෙස පකිස්තානයේ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය කැමැත්ත පලකර තිබේ. එහිදී එක්දින හා විස්සටි 20 තරගාවලි පමණක් පකිස්තානය තුළදී පැවැත්වීමට දෙරට අතර එකගතාවයකට පැමිණ තිබේ. ඒ අනුව එක්දින තරගාවලිය පකිස්තානයේ කරච්චි නුවර පැවැත්වීමට නියමිත අතර, විස්සයි 20 තරගාවලිය ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය.

<< කියවන්න – පකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව දැනට සැහීමකට පත්වෙනවා – හරීන් ප්‍රනාන්දු>>

එක්දින හා විස්සයි 20 තරගාවලියෙන් පසුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළමු එක්දින තරගය සැප්තැම්බර් මස 27 වැනිදා කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිත අතර දෙවැනි හා තෙවැනි එක්දින තරග පිළිවෙලින් සැප්තැම්බර් 29 සහ ඔක්තෝම්බර් 2 වැනිදා කරච්චි නුවරදීම පැවැත්වීමට නියමිතය.

විස්සයි 20 තරගාවලිය ඔක්තෝම්බර් මස 5 වැනිදා ලාහෝර්හිදී ආරම්භ වීමට නියමිතය.

පාකිස්තානයේ සංචාරය කිරීමට ප්‍රථම එහි ආරක්ෂාව සුරක්ෂිත බව තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකයින් දෙදෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායමක්  පසුගියදා කරච්චි නුවර බලා පිටත්ව ගියහ.

තරග කාල සටහන

සැප්තැම්බර් 27 – පළමු එක්දින තරගය කරචචිහිදී

සැප්තැම්බර් 29  – දෙවැනි එක්දින තරගය කරච්චිහිදී

ඔක්තෝම්බර් 02 – තෙවැනි එක්දින තරගය කරච්චිහිදී

ඔක්තෝම්බර් 05 – පළමු විස්සයි 20 තරගය  ලාහෝර්හිදී

ඔක්තෝම්බර් 07 – දෙවැනි විස්සයි 20 තරගය ලාහෝර්හිදී

ඔක්තෝම්බර් 09 – තෙවැනි විස්සයි 20 තරගය ලාහෝර්හිදී

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.