පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව දැනට සැහීමකට පත්වෙනවා – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට සෑහීමකට පත්වන බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

පාකිස්තානයේ සංචාරය කිරීමට ප්‍රථම එහි ආරක්ෂිත සුරක්ෂිත බව තීරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකයින් දෙදෙනෙකුගෙන් යුත් ආරක්ෂක කණ්ඩායමක්  පසුගියදා කරච්චි නුවර බලා පිටත්ව ගියහ.  මෙම තරගාවලිය ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී, ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද්හි කණ්ඩායම් රැඳී සිටින ක්‍රීඩාංගණ සහ හෝටල් වෙත පැමිණ  එහි පොලිස් සහ ආරක්ෂක නිලධාරීන් හමුවී ඇත.

“ ආරක්ෂක කණ්ඩායමෙන් අපට ලැබුණු ප්‍රතිචාර ඉතාමත් ධනාත්මකයි. අපි පකිස්තානයට  ඒමට පෙර පක්ස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයත් එක්ක විකල්ප තීරණ කිහිපයක් ගන්න බලාපොරොත්තු වනවා. ඒ වගේම රජයෙන් ද මේ සම්බන්ධයෙන් විමසා බැලීමට බලාපොරොත්තු වනවා යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා  අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණි.

පකිස්තානය අවසන් වරට ටෙස්ට් තරගාවලියක් සඳහා සිය සත්කාරකත්වය ලබාදෙනු ලැබුවේ 2009  වසරේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩ් ප්‍රහාරයක් එල්ල වීමත් සමග පකිස්තානයේ සංචාරය කිරීමට කිසිදු කණ්ඩායමක් කැමැත්ත පළ නොකලේය. මේ හේතුවෙන් දශකයකට පසු යළිත් පකිස්තානයට ක්‍රිකට් වසන්තය පැමිණෙනු ඇත.

තිසර පේරාරාගේ නායකත්වයෙන් යුතුව 2017 වසරේදී විස්සයි 20 තරගයකට ද ශ්‍රී ලංකා කණ්ඩායම එක්විය. එහෙත් මෙම තරගයකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සිය කැමැත්ත පළකර නොසිටීම විශේෂත්වයකි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා පකිස්තානය තුළදී එක්දින තරග 3ක් පමණක් ක්‍රීඩා කිරීමට නියමිත බව පැවසීය.

“ මේ වනවිට ක්‍රිකට් ආයතනය කියලා තියෙන්නේ, ටෙස්ට් මැච් දෙක පකිස්තානයෙන් පිට ක්‍රීඩා කරන්නත්, විස්සයි 20 තරග 3 ත් පකිස්තානයෙන් පිට ක්‍රීඩා කරන්න කියලා. එක්දින තරග 3ක් පමණක් පකිස්තානය තුළ ක්‍රීඩා කිරීමට තමයි මේ වනවිට අවධානය යොමුවෙලා තියෙන්නෙ. මේ සම්බන්ධයෙන් සමහර ක්‍රීඩකයන්ගේ පොඩි බියක් තිබුණා. නමුත් දින 8ක් වගේ තමයි අපිට පකිස්තානයේ රැදෙන්න වෙන්නේ. ඒ නිසා එක්දින හෝ විස්සයි 20 හැරෙන්න අපි ටෙස්ට් මැච් දෙකනම් ඩුබායි වල තමයි ගහන්න තීරණය කරලා තියෙන්නේ යැයි ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර සිටියේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.