කෙමාර් රොච්ගේ සහ ගැබ්‍රිල්ගේ පන්දු යැවීම හමුවේ ඉන්දීය ඉනිම අඩපණ වෙති

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඉන්දීය කණ්ඩායම පළමු දිනට ඊයේ ( 22 ) තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 203ක් ලබා සිටියේය.

ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් ( නොදැවී 20 ) සහ රවින්ද්‍ර ජඩේජා ( නොදැවී ( 3 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව්වන් පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කර සිටියේ ය.

ඉන්දීය ඉනිම ඇරඹීමට පිටියට පිවිසි කේ එල් රාහුල් සහ මයන්ක් අගර්වල්ට සාර්ථක ඉනිමක් ගොඩ නැගීමට කෙමාර් රෝච්ගෙන් අවස්ථාවක් හිමි නොවූ අතර ලකුණු 5ක් ලබා සිටියදී අගර්වල් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. ඉන් අනතුරුව පිටියේ එක් වූ චෙතෙෂ්වර් පුජාරා (02)  සහ නායක විරාට් කෝලිටද ( 09 )  මෙම තරගයේදී දක්ෂතා අතරට පැමිණීමට අවස්ථාවක් හිමි නොවූහ.

පස්වන පිතිකරුවා ලෙස පිටියට පිවිසි අජන්ක්‍යා රහනේ පන්දු 163 කදී හතරේ පහර 10ක් සමගින් ලකුණු 81ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළේය.

පන්දු යැවීමේදී කෙමාර් රොච් ලකුණු 34කට කඩුලු 3ක් සහ ෂැනෝන් ගැබ්‍රිල් ලකුණු 49කට කඩුලු 2 බැගින් බිද හෙලූහ.

අද (23 ) තරගයේ දෙවැනි දිනයයි .

ඉන්දීය පළමු ඉනිම – පන්දුවාර 68.5කදී කඩුලු 6කට ලකුණු 203

( කේ එල් රාහුල් 44, අජන්ක්‍යා රහනේ 81, හනුමා ව්හාරි 32, රිෂාබ් පාන්ට් නොදැවී 20, රවින්ද්‍ර ජඩේජා නොදැවී 3, කෙමාර් රොච් 34/3, ෂැනෝන් ගැබ්‍රිල් 49/2 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.