කොරියාව 8-0කින් ශ්‍රී ලංකාව පරදවයි

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහ දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගන්නා ආසියානු කලාපීය කණ්ඩායම් තෝරාගැනීමේ තරග වටයේ තරගයෙන් ගෝල 8-0 ක ජයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත්විය.

දකුණු කොරියාවේ හ්වන්සින්ග්හිදී පවතී මෙම තරගයේ ප්‍රථම අර්ධයේදී ගෝල 4ක් ලබාගැනීමට දකුණු කොරියාව සමත්වුණු අතර දෙවන අර්ධයෙදීද තවත් ගෝල 3ක් ලබාගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට අන්ත පරාජයක් අත්කර දෙමිනි.

මෙහිදී දකුණු කොරියාව වෙනුවෙන් කිම් ෂින් වූක් ගොක 4ක් ලබාගැනීමට සමත්විය

දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම මෙම තරග වටයේ ලද දෙවන ජයග්‍රහණය මෙයයි.

මිට පෙර තරගයේදී ගෝල 2-0ක් ලෙස තුර්ක්මිනිස්ථානය පරාජය කළේය .

දකුණු කොරියාව ලෝක ශ්‍රේණිගත කිරීමේ 37 වන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව 202 ස්ථානයේ පසුවෙයි.

.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.