ජයග්‍රහණයේ එකම රහස කණ්ඩායමේ එකමුතුකමයි – නායක දසුන් ශානක

ලොව අංක එකේ විස්සයි 20 කණ්ඩායම පරාජය කිරීමේ එකම රහස, ක්‍රීඩකයන් සියලු දෙනා තුළ තිබූ සහෝදරත්වය බව ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ දසුන් ශානක පවසයි. ඔහු වැඩිදුරටත් එහිදී දක්වා ඇත්තේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ එකමුතුකම මෙම ජයග්‍රහණයේ මුලික සාධකය වූ බවයි.

“එය හොඳ ජයග්‍රහණයක්. පාකිස්තාන ප්‍රේක්ෂකයින්ට ස්තූතියි, ඔවුන් ඔවුන්ගේ කණ්ඩායමට පමණක් නොව අපටත් සහයෝගය ලබා දුන්නා. සියලුම ක්‍රීඩකයින් අපගේ කණ්ඩායම සමඟ හොඳින් බැඳී සිටීම තමයි අපගේ සාර්ථකත්වයේ යතුර වුණේ. ඔවුන් ඉතා දක්ෂයි ඒ වගේම අපගේ සාර්ථකත්වය පිටුපස ඇති රහස එකි එකමුතුකම බව දසුන් ශානක කියා සිටියේය.

දෙරට අතර පැවති එක්දින තරගාවලිය තරග 2 – 0 කින් ජය ගැනීීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව විස්සයි 20 තරගාවලියක් තරග 3 – 0 කින් ශ්‍රී ලංකාව ජයගත් පළමු අවස්ථාව බවට ද එය පත්විය.

විස්සයි 20 තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය යොවුන් ක්‍රීඩක වනිදු හසරංග විසින් දිනාගත් අතර මෙම තරගිවලියේදී යළිත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණිමට ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතික, මංගල විස්සයි 20 වරම් දිනාගත් භානුක රාජපක්ෂ මෙන්ම ඕෂධ ප්‍රනාන්දු ද හැකියාව ලැබිණ.

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.