45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලට බදුල්ල සූදානම්

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2000කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල හෙට ( 24 ) සිට මේ මස 27 වැනිදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වමට සියලුම කටයුතු සූදානම් කර තිබේ.

ඌව පළාත් පදක්කම් ලාභි හර්ජන් රත්නායක සහ ශානිකා රාජපක්ෂ විසින් සමාරම්භක උළෙලේ ඔලිම්පික් පහන්සිළු දැල්වීමෙන් අනතුරුව තරගාවලිය ආරම්භ වීමට නියමිතය.

මේ වනවිට පවත්වා ඇති තරග වලට අනුව, රන් පදක්කම් 72ක්, රිදී පදක්කම් 54ක් සහ ලෝකඩ පදක්කම් 52ක් සමගින් සමස්ත පදක්කම් 178ක් හිමිකර ගනිමින් බස්නාහිර පළාත පළමු ස්ථානයේත්, ඔවුන්ට අභියෝග කරමින් මධ්‍යම පළාත රන්පදක්කම් 22ක්, රීදී පදක්කම් 21ක් සහ ලෝකඩ පදක්කම් 33ක් සමගින් සමස්ත පදක්කම් 76ක් හිමි කර ගනිමින් දෙවැනි ස්ථානයේ රැදී සිටියි.

පදක්කම් සටහනේ වයඹ පළාත සහ දකුණු පළාත පිළිවෙලින් තෙවැනි සහ සිව්වන ස්ථාන දිනාගෙන සිටින අතර උතුරු පළාතට මෙම සටහනේ හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

වෙනත් වසරවලට වඩා හාත්පසින්ම වෙනස් වූ තරගාවලියක් බවට මෙවර තරගාවලිය පත්විය හැකි අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රදානත්වයෙන් මොටර් රථ දෙකක් ප්‍රධානය කිරීමට නියමිතය.

ක්‍රීඩා උළෙලේ බිහිවන නව ශ්‍රී ලංකා වාර්තාවක් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් සහ තරගාවලි වාර්තාවක් වෙනුවෙන් රුපියල් විසිපන්දහසක මුදලක් පිරිනැමීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ. මීට අමතරව තනි තරග ඉසව් සඳහා ජයග්‍රාහකයින්ට රුපියල් 15000, 10000, 6000 ක් බැගින් ලබා දීමට පියවර ගන්නා අතර කණ්ඩායම් තරග සඳහා එක් ක්‍රීඩකයකුට රුපියල් 6000, 4000, 2000 බැගින් ත්‍යාග ලබාදීමටද සූදානමින් සිටියි.

තරගාවලියේ සමාරම්භක උළෙල හෙට (24 වැනිදා )  ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විමට නියමිත අතර සමාප්ති උත්සවය ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් 27 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර තිබේ.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.