SL vs PAK – චන්දිමාල්ගේ සහ දිල්රුවන්ගේ පිහිටෙන් ශ්‍රී ලංකාව හිස ඔසවති

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම දෙවැනි දිනය වන අද ( 20 ) දිනට තරගය නතර කරන විට කිසිවෙකු නොදැවි ලකුණු 57ක් ලබා සිටියේය. ඒ අනුව පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 270ට වඩා තවත් ලකුණු 23ක් පිටුපසින් පසුවෙයි.

පන්දුවට පහර දෙමින් සිටින අබිඩ් අලී  ( නොදැවී 32 ) සහ ශාන් මසූද් ( නොදැවී 21 ) ලබා කඩුල්ලේ රැදී සිටියහ.

පාකිස්තානය සිය පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 191කට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාදැවී ලකුණු 270ක් රැස් කිරීමට සමත් වූයේ පාකිස්තානයට වඩා තවත් ලකුණු 80කින් පෙරමුණ ගනිමිනි. කලකට පසු ටෙස්ට් පිටියේ සුපුරුදු රිදිමයට පැමිණි ශ්‍රී ලංකා හිටපු නායක දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායමට සවියක් වෙමින් සිය ටෙස්ට් දිවියේ 18 වැනි අර්ධ ශතකය රැස් කිරීමට සමත් වූ අතර ඔහු හැරිස් සොහේල්ගේ පන්දුවක් හමුවේ දැවී යනවිට ලකුණු 74ක් ලබා සිටියේය.

<<< DAY 01 – ළහිරු සහ ඇඹුල්දෙණිය පාකිස්තානය 191 න් නවතද්දී පාකිස්තාන පන්දු යවන්නෝත් එකට එක කරති>>>

ඩිල්රුවන් පෙරේරා ඉනිම තව දුරටත් ශක්තිමත් කරමින් පන්දු 84 කින් ලකුණු 48 ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. ඩිල්රුවන් පෙරේරා සමගින් අනෙත් අන්තය ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහරදුන්  විශ්ව ප්‍රනාන්දු නවවැනි කඩුල්ලට ලකුණු 36 ක සම්බන්ධතාවක් පවත්වමින් පළමු ඉනිමේ වාසිය ලකණු 80 ක් දක්වා ඉහළ දැමූහ.

පන්දු යැවීමේදී සහීන් අරෙිඩී ලකුණු 77කට ලකුඩු 5ක් බිද හෙලිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් විය.

හෙට ( 21 ) තරගයේ තෙවැනි දිනයයි.

පාකිස්තාන දෙවැනි ඉනිම – පන්දුවාර 14කදී කිසිවෙකු නොදැවී ලකුණු 57

( අබිඩ් අලී නොදැවී 32, ෂාන් මසූද් නොදැවී 21 )

ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවා 85.5 කදී සියලු දෙනාදැවී  ලකුණු 271

( දිමුත් කරුණාරත්න 25, දිනේෂ් චන්දිමාල් 74, ධනංජය ද සිල්වා 32, දිල්රුවන් පෙරේරා 48, ෂහීන් අෆ්රිඩී 77/5,  මොහොමඩ් අබාස්  55/4  )

පාකිස්තාන පළමු ඉනිම – පන්දුවාර 59.3කදී සියලු දෙනා දැවී ලකුණු 191

( අසාද් ෂෆික් 62, බාබර් අසාම් 60, අබිඩ් අලී 38, ළහිරු කුමාර 49/4, ලසිත් ඇඹුල්දෙණිය 71/4, විශ්ව ප්‍රනාන්දු 31/2 )

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.