ඕස්ට්‍රේලියාව තරගයක් ඉතිරිව තිබියදීම විස්සයි 20 තරගාවලිය ජය ගනියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඕස්ට්‍රේලියිවේ බ්‍රිස්බෙන්හි පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් ලැබීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ( 30 ) සමත් විය. ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2 – 0 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාවට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක පහසු ඉලක්කය හඹාගිය ඕස්ට්‍රෙලියානු කණ්ඩායම පන්දුවාර 13කදී එක් කඩුල්ලක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන්ම හඹා ගියේය.

දෙවැනි කඩුල්ල සඳහා නොබිදුණු ලකුණු 117ක සබඳතාවයක් ගොඩ නැගූ ස්ටිව් ස්මිත් සහ වේඩිව් වෝනර් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පහසුවෙන්ම ජයග්‍රහණය වෙත රැගෙන ගියහ. වේඩිව් වෝනර් පන්දු 41කදී නොදැවී ලකුණු 60ක් සහ ස්ටිව් ස්මිත් පන්දු 36කදී නොදැවී ලකුණු 53 බැගින් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමිනි.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 117ක් පමණි.

කුසල් ජනිත් පෙරේරා ( 27) සහ ධනුෂ්ක ගුණතිලක ( 21 ) හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවත් පසුකර යාමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමි නොවූහ.

පන්දු යැවීමේදී බිලී ස්ටැන්ලේක්, පැට් කමින්ස්, ඇස්ටර් අගර් සහ ඇඩම් සම්පා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 19 කදී සියලු දෙනා දැවි ලකුණු 117

(ධනුෂ්ක ගුණතිලක 21, කුසල් ජනිත් පෙරේරා 27, ඇඩම් සම්පා 20/2,බිලී ස්ටැන්ලේක් 23/2, ඇස්ටර් අගර් 27/2, පැට් කමින්ස් 29/2 )

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – පන්දුවාර 13 කදී එක් කඩුල්ලකට ලකුණු 118

( ඩෙවිඩ් වෝනර් නොදැවී 60, ස්ටිව් ස්මිත් නොදැවී 53 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.