ක්‍රිස් ගේල් ගේ ගෞරවනීය සමුගැනීමට කොදෙව් ක්‍රිකට් ලොක්කන් හරස්වෙයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් වෙත ක්‍රිකට් ක්‍රීඩාවෙන් ගෞරවනීය සමුගැනීමක් සිදුකිරීම සඳහා අවස්ථාවක ලබාදීමට කොදෙව් ක්‍රිකට් බලධාරීන් ප්‍රතික්ෂේප කර සිටියේය .

ඒ ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කොදෙව් සංචිතයට ගේල් ගේ නම ඇතුලත් නොකිරීමෙන්.

39 හැවිරිදි ගේල් 2014 සැප්තැම්බර් මාසයේ දී ඔහුගේ ටෙස්ට් තරග 103 න් අවසන් තරගය ක්‍රීඩා කළ අතර පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔහුගේ අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලිය විය .

කෙසේවෙතත් සිය ක්‍රිකට් ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට පෙර කොදෙව්වන් වෙනුවෙන් එක ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසුවිය.

ඒ අපේක්ෂාවන් බිඳ දමමින් කොදෙව්වන් ගේ තෙවන ටෙස්ට් සංචිතයට හෙතෙම ඇතුලත් නොකිරීමට කොටව් ක්‍රිකට් කමිටුව පියවර ගත්තේය.

ගෙල ඉපදුනු නගරයේ ක්‍රීඩා පිටිය වූ කැරිබියන් දුපත් හි සබ්රිනා පාර්ක් ක්‍රීඩාංගනයේදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම පැවැත්වෙන අතර එම ක්‍රීඩාපිටියේ තරග වැඩ සමුගැනීමේ අවස්ථාව ඒ අනුව ඔහුගෙන් මග හැරෙනු ඇත.

ටෙස්ට් තරග 103 කදී ලකුණු 7214ක් ලබා ඇති ගේල් පසුගිය වකවානුව තුල වැඩි අවධානයක් යොමු කෙරුවේ පන්දුවාර 20-20 ක්‍රිකට් තරග සඳහායි.

ඒ අනුව ක්‍රිස් ගේල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම පොර්ට් ඔෆ් ස්පේන් හි දී ඉන්දියාව සමඟ පැවැත්වෙන තුන්වන එක්දින තරගය වනු ඇත. .

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.