ක්‍රීඩාවන් දිනිය හැකි තලයන් හදුනාගෙන ක්‍රීඩාවන් දියුණු කල යුතුයි – නිමල් ලෙව්කේ

ශ්‍රී ලංකාවේ පවතින ක්‍රීඩාවන් නිසි පරිදි හදුනාගෙන ඒ එක එක ක්‍රීඩාවන් තුලින් දිනිය හැකි මට්ටම අවබෝධ කර ගනිමින් ක්‍රීඩාවන් දියුණු කිරීමට රාජ්‍ය මට්ටමින් කටයුතු කල යුතු බව විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානි නිමල් ලෙව්කේ පවසයි

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ www.srilankasports.com වෙබ් අඩවිය සමඟ කරනු ලැබූ සාකච්ඡාවකදීයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් “ ක්‍රීඩා විභූෂණ “ සම්මානය ලබා ගනිමින්

“ 1960 අවධියේ පමණ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයා බැලීමට  ක්‍රීඩා අමාත්‍යංශය නිර්මාණය වුනත්, ඒ ඔස්සේ එක එක මාදිලියේ ක්‍රීඩා අමාත්‍යවරුන් පත් වෙලා ඔවුන් ක්‍රීඩාව දියුණු කරන්න හරි විදියට සැලසුමක් කලාද කියන එක ගැටලුවක්. ඕනම කටයුත්තක් කරන කොට අපිට සැලසුමක් තියෙන්න ඕන. නිකම් කරන්නම් වාලේ එය කරගෙන යාමෙන් අපිට ප්‍රතිඵලයක් ගන්න බැහැ.

“ ප්‍රධානම දෙය තමයි අපි හදුන ගන්න ඕන ලංකාවේ කුමන ක්‍රීඩාව, කුමන මට්ටමෙන් දියුණු කරනවද කියලා. අපි දිස්ත්‍රික්ක මට්ටමෙන් ගමන් කළ යුත්තෙ කුමන ක්‍රීඩාවන් සමගද, නැතුව අපිට දිස්ත්‍රික්ක මට්ටමේ ක්‍රීඩාවක් එකවර ජාත්‍යන්තර ම්ට්ටමට ගේන්න බැහැ. ඒ නිසා මේ ක්‍රීඩාව දිස්ත්‍රික්ක මට්ටමේ ඉදිරියටම ගේන්න සැලසුම් කරනවා. මේ ක්‍රිඩාව පළාත් මට්ටමින් නියමිත කාලයක් තුළදී ඉහළට ගේන්න සැලසුම් කරනවා වගේම මේ ක්‍රීඩාව ජාතික ම්ට්මෙන් ඉදිරියට ගේන්නේ කොහොමද කියලා සැලුස්මක් තිබිය යුතුයි.  ඒ වගේම අපිට ජාත්‍යන්තර මට්මෙන් ඉදිරියට ගිහින් ජයග්‍රහණ ලබන්න පුළුවන් ක්‍රීඩාව මොකක්ද අන්න ඒ ක්‍රීඩාවන් තෝරාගෙන අපි ඒවට යම් සැලස්මක් නිර්මාණය කළ යුතුයි. නැතුව මෙම හැම ක්‍රීඩාවක්ම ජාත්‍යන්තර මට්ටමට ගේන්න බැහැ. ඒ නිසා ජාතන්තර මට්ටමට ගේන්න පුළුවන්  ක්‍රීඩාව අපි හදුන ගන්න ඕන. යැයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේය.

නිමල් ලෙව්කේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවයේ සිටියදී

නිමල් ලෙව්කේ යනු පාසල් මට්ටමේ සිට ජාත්‍යන්තර තලය දක්වා ජයග්‍රහණ රැසකට සිය දායකත්වය ලබාදුන් ක්‍රීඩකයෙකු මෙන්ම දක්ෂ පුහුණුකරුවෙකි. ඔහු පාසල් අවධිය තුළදී ක්‍රිකට් ක්‍රීඩාව, රග්බි ක්‍රීඩාව පමණක් නොව බොක්සිං ක්‍රීඩාව පවා දස්කම් දැක්වීමට සමත් විය. ඔහු 2007 / 2008 කාල වකවානුව තුළ ශ්‍රී  ලංකා රග්බි සම්මේලනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. ඔහුගේ අනුදැනුමෙන් යුතුව 2007 වසරේදී ආසියානු රග්බි තරගාවලියට සිය සත්කාරකත්වය දෙමින් ශ්‍රී ලංකාවට අනුශූරතාවය දිනා දීමට පවා කටයුතු කළේය.

ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ,  ජාත්‍යන්තර මට්ටමට ගෙන යා හැකි ක්‍රීඩාවන් හදුනාගෙන එම ක්‍රීඩාවන්ට අවශ්‍ය පුහුණුකරුවන්, කළමණාකරුවන් මෙන්ම රජයේ අනුග්‍රහය ලබා දීමට කටයුතු කළ යුතුයි. එසේම දක්ෂ පුහුණුකරුවෙකුට තමන් යටතේ සිටින ක්‍රීඩකයා මනාව හදුනා ගැනීමට හැකියාව තිබිය යුතු බවයි. එම නිසා සාර්ථක සැලුස්මකට අනුව ක්‍රියා කරන්නේ නම් ක්‍රීඩාව තුළ මෙවැනි ප්‍රශ්න මතු නොවන බව ද ඔහු පවසා සිටියේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.