වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව MAS CAPITAL දිනා ගනියි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා වෙළඳ සේවා මළල ක්‍රීඩා සංගමය එක්ව සංවිධානය කළ “ 36 වැනි වෙළඳ සේවා මළල ක්‍රීඩා තරගාවලියේ සමස්ත  ශූරතාව දිනා ගැනීමට MAS CAPITAL ආයතනය ඊයේ ( 11 ) සමත් විය. මෙවර තරගාවලිය කොළඹ සුගතදාස පිටියේදී  10 සහ 11 යන දෙදින පැවැත්විණ.

තරගාවලියේ දක්ෂතම මළල ක්‍රීඩකයා ලෙස NDB බැංකුවේ සචිත් පෙරේරා සම්මාන දිනා ගනිද්දී, ඩබ්.එම්. ටී. වී කුමාරි දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

සචිත් පෙරේරා විසින් මීටර 200 තරග ඉසව්ව තත්පර 22.37 කින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර කාන්තා මීටර 1500 තරග ඉසව්වේ ජයග්‍රාහීකාව බවට පත් වූ කුමාරි එම තරග ඉසව්ව විනාඩි 4 තත්පර 54 කින් අවසන් කිරීමට සමත් වූවාය.

මෙවර තරගවලිය සඳහා ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සහභාගී වි සිටි අතර එහිදී කාන්තා මීටර 100 සහ දුර පැනීම තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දියාවේ ලැවේනියා හංසරාජ් සමත් වූවාය. මීටර 200 කාන්තා තරග ඉසව්වේ රිදී පදක්කම සහ මීටර  100  4 තරග ඉසව්වේ රිදී පදක්කම ද දිනා ගැනීමට සමත් වුයේ වයස 45 වැඩි කාණ්ඩය නියෝජනය කළ ඉන්දීය ක්‍රීඩිකාවන් විසිනි.

මෙවර තරගාවලියේ සමස්ත ලකුණු 527ක් ලබා ගනිමින් MAS CAPITAL ආයතනය සමස්ත ශූරතාව දිනා ගනිද්දීථ ශ්‍රී ලංකා ටෙලිකෝම් ආයතනය ලකුණු 280ක් ලබා ගනිමින් අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. සම්පත් බැංකුව ලකුණු 234, හැටන් නැෂනල් බැංකුව ලකුණු 104 ලබා ගනිම්න් පිළිවෙලින් තෙවැනි හා සිව්වන ස්ථන තහවුරු කර ගැනීමට සමත් වි ය.

මෙවර තරගිවලිය සඳහා දිවයින පුරා විසිරී ඇති ආයතන 52 කදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.