45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල – ලක්ෂිතට සහ අමාෂාට මීටර 200න් රන් පදක්කම්

45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පළමු දිනය වන අද ( 25 )  සවස් යාමයේ පැවති අවසන් තරගයන්හිදී, මීටර 200 පිරිමි ඉසව්ව තත්පර 21.89 කින් අවසන් කරමින් එහි රන් පදක්කම දකුණු පළාත නියෝජනය කළ ලක්ෂිත සමරසිංහ විසින් දිනාගත් අතර, එම තරග ඉසව්වේම කාන්තා අංශයේ රන් පදක්කම ( තත්පර 25.00 )  දිනා ගැනීමට  මධ්‍යම පළාතේ අමාෂා ද සිල්වා සමත් වූවාය.

උතුරු මැද පළාත නියෝජනය කරමින් තත්පර 22.15 කින් තරගය අවසන් කළ පී.ඒ කුමාර රිදී පදක්කම දිනා ගනිද්දී, එම්.ජී සිල්වා ලෝකඩ පදක්කමෙන් සෑහීමට සිදුවිය. එම තරග ඉසව්වේම කාන්තා මීටර 200 තරග ඉසව්වේ රිදී පදක්කම තත්පර 25.46 කින් අවසන් කළ බස්නාහිර පළාතේ සදීපා හෙන්ඩර්සන් විසින් දිනා ගත්තාය. මෙවර  කාන්තා මීටර 200 තරගයේ ලෝකඩ පදක්කම හිමි වූයේ මධ්‍යම පළාත නියෝජනය කළ එෆ් එස් යැමික්ටය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.