ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ජය ලබයි

ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද ( 06 ) සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 160ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 33.4 ක් තුළදී කඩුලු 5 ක් පමණක් දැවී සිය ඉලක්කය පහසුවෙන්ම හඹා ගියේය. තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග තරගයේ එක් ඉනිමක් පන්දුවාර 42 සීමා කිරීමට තරග තීරකයෝ තීරණය කළහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ කඩුලු රකින ක්‍රීඩක කමිල් මිෂාර පන්දු 62 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 55ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහුට අනගි සහයක් ලබාදුන් අෂාන් විකුමසිංහ පන්දු 36 කදී ලකුණු 30 ක් රැස් කිරීමට සමත් විය.

නායක නිපුන් ධනංජය ( ලකුණු 18 ) සහ අවිශ්ක තරිඳු ( නොදැවී ලකුණු 25  ) බැගින් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කළහ.

පන්දු යැවීමේදී නේපාල ක්‍රීඩක රශීඩ් ඛාන් ලකුණු 20කට කඩුලු 2ක් බිද හෙලීය.

කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 42 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 159ක් රැස් කිරීමට සමත් විය.

නේපාල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රිට් ගෞතම් පන්දු 85කද හතරේ පහර 4ක් සමගින් ලකුණු 54ක් රැස් කිරීමට සමත් විය. ඔහු සමගින් පිටියේ එක් වූ  නේපාල කණ්ඩායමේ නායක රොහිට් පවුඩෙල් ලකුණු 47 රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ඩිල්ෂාන් මධුෂංක ලකුණු 23කට කඩුලු 3ක් සහ නවෝද් පරණවිතාන ලකුණු 26කට කඩුලු 3 බැගින් බිද හෙලූහ.

ශ්‍රී ලංකාව සහභාගී වන මීලග තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව මේ මස 8 වැනිදා  කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

නේපාල යොවුන් කණ්ඩායම – පන්දුවාර 42 කදී කඩුලු 9කට ලකුණු 159

( රිට් ගෞතම් 54, රොහිට් පවුඩෙල් 47, රශිඩ් ඛාන් නොදැවී 15, ඩිල්ෂාන් මධුෂංක 23/3, නවෝද් පරණවිතාන 26/3 )

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම – පන්දුවාර 33.4කදී කඩුලු 5 කට ලකුණු 160

( කමිල් මිෂාර 55, රශන්ත ද සිල්වා 15, අශාන් වික්‍රමසිංහ 30, නිපුන් ධනංජය 18 , අවිශ්ක තරිදු නොදැවී 25, රශීඩ් ඛාන් 20/2 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.