ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ දින නියම වෙයි – රාවල්පිණ්ඩි පළමු සටනට සූදානම්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ( 14 ) තීරණය කළේය.

ඒ අනුව 2009 වසරින් පසු පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැති එක්දින හා විස්සයි 20 තරගාවලියට පාකිස්තානයෙන් ලබාදුන් ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන දෙසැම්බර් මස 11 වැනිදා සිට 15 වැනිදා දක්වා රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය 19 වැනිදා සිට 23 දක්වා කරච්චි ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සැලසුම්කර තිබේ.

දෙරට අතර පැවති එක්දින තරගාවලිය පාකිස්තානය ජය ගනිද්දී, දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් විස්සයි 20 කණ්ඩායම තරග 3- 0 කින් පරාජය කරමින් එහි විස්සයි 20 තරගාවලිය ජය ගැනීමට සමත් විය.

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.