ICC සභාපති මනොහර්, ක්‍රිකට් ගැටලු විසදන්න දිවයිනට

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීමේ අරමුණින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂන්ක් මනෝහර් දින හතරක සංචාරයක් සඳහා අද ( 22 )  රාත්‍රී 11ට පමණ දිවයිනට පැමිණීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා   මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේය.

“ මම එතුමත් එක්ක කළ සාකච්ඡාවකදී ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටියේ  මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රූපවාහිනි විකාශන අයිතිය සම්බන්ධයෙන් පවතින ගැටලු වලට විසදුමක් ලබාදෙන්න කියලා. එහිදී අපේ අමාතයංශයේ ලේකම්තුමන් වන චූලානන්ද පෙරේරා මහතාත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  සභාපති ශම්මි සිල්වා මහතාත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් වන ඈෂ්ලි සිල්වා මහතාත් ඇතුලු අයි සී සී එකේ නිලධාරීවරයෙකුගෙන් යුතු කමිටුවක් පත් කරන්න අපි තීරණය කළා.  මම හිතනවා මෙම ප්‍රශ්නයේදී ඉතා අවංකව මෙම කටයුතු කරාවි කියලා යැයි ක්‍රීඩා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටියේය.

<<ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන බලපෑම් නැහැ -හරින් මනොහර්ට සහතික වෙයි>>

එයට අමතරව හෙට ( 23 ) දිනයේදී, ශෂන්ක් මනෝහර් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ නවසීලන්ත කණ්ඩායමට රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.