දිමුත් වැස්සට අභියෝග කරමින්, දිගු ඉනිමකට සැරසෙයි

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද ( 22 ) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනට තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 85ක් ලබා සිටියේය.

පන්දුවට පහර දෙමින් සිටි නායක දිමුත් කරුණාරත්න ( නොදැවී 49 ) සහ ඇන්ජලෝ මැතිවුස් නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

අද උදෑසන සිට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට හැකියාව  නොලැබුණි. මේ හේතුවෙන්  පැය 3ක පමණ  ප්‍රමාදයෙන් පසු ප.ව 1.40ට තරගය ආරම්භ කිරීමට හැකියාව ලැබිණ. කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නට සහ ලහිරු තිරිමාන්නට පිටියේ ස්ථාවර වීමට අවස්ථාව ලබා නොදුන් විලියම් සමර්විල් ලකුණු 2ක් ලබා සිටියදී ලහිරු තිරිමාන් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

තිරිමාන්නගේ දැවී යාමෙන් පසු පිටියේ එක් වූ දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ල සඳහා සාර්ථක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ශක්තිමත් කළහ. තරගයේ පළමු දිනට තේ පානය සඳහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 71 ලබා සිටියේය.

<<ICC සභාපති මනොහර්,  දින හතරක සංචාරයක් සඳහා  අද මධ්‍යම රාත්‍රියේදී දිවයිනට>>

තේ පානයෙන් පසුව යළිත් තරගයට වර්ෂාවෙන් බාධා පැමිණිමත් සමග විනාඩි 30ක පමණ කාලයක් තරගය නවතා දැමීමට තරක තීරකවරයන්ට සිදුවිය. යළිත් ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමේ අරමුණින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සිව්වැනි පන්දුවාරයේ දී පිට ඉන්නට තරමක් පිටතින් ඇදී ආ පන්දුව ආරක්ෂිතව පිළිගැනීමට සූදානම් වුවද, ඔහුගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව කඩුලු රකින ක්‍රීඩක බී. ජේ. වොට්ලින්ගේ අත්ආවරණ තුල සිරවීමත් සමඟ, ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ලද අහිමි විය. කුසල් දැවී යනවිට පන්දු 70කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 32 ක් ලබා සිටියේය. ඒ අනුව දිනකට ක්‍රියාත්මක කළයුතු  පන්දුවාර 90න් අද දිනයේදී ක්‍රීඩාකළ හැකිවූයේ පන්දුවාර 36.3 ක් පමණි.

පන්දු යැවීමේදී විලියම් සමර්විල් සහ කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

හෙට ( 23 ) තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා පළමු ඉනිම – පන්දුවාර 36.3 කදී කඩුලු 2කට ලකුණු 85

( දිමුත් කරුණාරන්ත නොදැවී 49, කුසල් මෙනිඩ්ස් 32 )

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.