පිලිපීනය පරදා ශ්‍රී ලංකාව ශූරතාව රැක ගනියි

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ  පිලිපීන කණ්ඩායමට එරෙහිව පැවති පළඟ ශූරතා කාණ්ඩයේ අවසන් මහ තරගයෙන් ලකුණු 21-14 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම එම කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට අද ( 1 )  සමත් විය.

තරගයේ ආරම්භයේ සිටම සාර්ථක ආරම්භයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පස්වැනි විනාඩියේදී පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත්තේය. එහෙත් යළිත් තරගයට අවතීර්ණ වූ පිලිපීන ක්‍රීඩකයන් 7 වැනි මිනිත්තුවේදී ඔවුන්ගේ පළමු උත්සාහ දිනුම සහ ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් පළමු අර්ධය ලකුණු 7-7 ලෙස සම කළේය.

කණ්ඩායම් දෙකම කරට කර තරගයක් ලබා දෙමින් දෙවැනි අර්ධය එක් අවස්ථාවක ලකුණු 14 – 14 ක් සම තත්ත්වයට ගෙන ආවේය. නමුත් අවසන් මිනිත්තු කිහිපය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ රීසා රෆයිඩීන් වේගවත් ධාවනයකින් ලබාගත් උත්සාහ දිනුම ප්‍රවර්තනයක් බවට පරිවර්තනය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 21- 14 ක් ලෙස තරගය අවසන් කිරීමට සමත් විය.

———————————————————————————–

චීන තායිපේ පැරදූ ශ්‍රී ලංකාව, පළඟ අවසන් මහ තරගයට

ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ  චීන තාපෙයි කණ්ඩායමට එරෙහිව පැවති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 42 – 0 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම පළඟ ශූරතාවේ අවසන් මහ තරගය සඳහා සුදුකම් ලබා ගැනීමට අද ( 1 )  සමත් විය.

අදියර 3ක් ඔස්සේ පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු අදියරේ තරග 4න් 2ක් ජය ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ පැවති තරග දෙකම චීනය සහ ජපානය හමුවේ පිළිවෙලින් ලකුණු 17-14 කින් සහ ලකුණු 43-5කින් පරාජය වීමට සිදුවිය. එහෙත් අද දිනයේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගයම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 21 -17 කින් ජය ගනිම්න් පළඟ ශූරතාවේ අර්ධ අවසන් මහ තරගය සඳහා සුදුකම් ලබා ගත්තේය. එහිදී චීන තාපෙයි කාණ්ඩායමට එරෙහි පැවති තරගය ලකුණු 42-0 ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද පස්වරුවේ පිලීපන කණ්ඩායම සමගින් පැවැත්වෙන පළඟ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.